මිනිස්සු වුනාම අලුත් අලුත් දේවල් කරන්න ඔනෙ කියල මං අහල තියනවා.ඒ නිසයි මාත් හිතුවේ අලුත් දෙයක් කරන්න.එත් බලන් ගියාම මෙක මත අලුත් වුනාට ගොඩක් අයට පරන දෙයක්.මං බ්ලොග් හදන්න පටන් ගත්තේ මීට අවුරුදු 2කට කලින්.එත් සිංහලෙන් නම් නෙමෙයි.ලගදි මං පත්තරෙක තිබිල දක්කා (පත්තරෙ වෙන මොකවත් නෙමෙයි විජය පරිගනක ) සස් රුත කියලා වෙබ් එකක් ගැන.එක සිංහල වෙබ් හොයන සර්ච් එන්ජිමක්.මං නිකන් එකෙන් වෙබ් එකක් හෙව්වා.එතකොට තමයි සිංහල වෙබ් පිටු සෙට් එකක් මට හම්බුනෙ.එක නිකන් නරියට කුකුල්ලු හම්බුනා වගෙ තමයි.මාත් බැලුවා කොහොමද මේවා හදලා තියෙන්නෙ කියලා.ඉතින් මටත් හිතුනා මොනා හරි බොරුවක් දාලා මගේම සිංහල බ්ලොග් එකක් හැදුවනම් හරි කියල.ඒත් අනිත් අය හදල තියන එවා දිහා බැලුවම මට ටිකක් බයත් හිතුනා.එවුනාට එහෙම කියලත් බැනෙ.ඉතින් මාත් හැදුවා බ්ලොග් එකක්. අපෝ එකක් නෙමේ 10ක් විතර හැදුවා.එත් ඒ එකක් වත් මගෙ හිතට හරි නැහැ.අනික හදන්න ගත්තා වගෙ නෙමේනේ. හදලා ඉවර කරන්නත් එපායැ. ඇත්තටම මං දන්නේ නැ මෙවා හදන එකේ තේරුම.එත් ඉතින් මටත් නිකන් ඉන්න බැනේ.ඊලග දේ තමයි මෙකේ ලියන්නේ මොනාද කියන එක. මොකද ඉතින් මං දන්න දේකුත් නැනෙ ලියන්න කියලා. ලිව්වොත් ලියයි මහ මොඩ කතාවක්. අනිත් අය ලියලා තියන එවා කියෙව්වම මට මං ගැන ලැජ්ජාත් හිතෙනවා. එත් මොනා කරන්නද? මගෙත් ආසාවනේ. ඒවටත් ඉඩ එන්න එපායැ.නැද්ද මං අහන්නෙ. ඉතින් ඔන්න මාත් හදලා දැම්මා එලකිරි වගේ සිංහල බ්ලොග් එකක්. මං ඉතින් මෙවා ගැන වැඩිය දන්නෙත් නැනේ.ඉතින් මගෙ ට්‍රයි එක හොදයි නම් මට Comment දාන්න අමතක කරන්න එපා. මරු මරු වැඩ තව ඉස්සරහට පෙන්නන්නම්කො. (වැඩ පෙන්නනවා තමයි මෙ ටික ලියා ගත්තෙත් බොහොම අමරුවෙන්.)
No comments:
Post a Comment